Sbs Sinhalese - Sbs

  • Autor: Vários
  • Narrador: Vários
  • Editora: Podcast
  • Duração: 97:07:54
  • Mais informações

Informações:

Sinopse

Listen to interviews, features and community stories from the SBS Radio Sinhalese program, including news from Australia and around the world. - , , SBS .

Episódios

  • ජාත්‍යන්තර පුරුෂ දින සැමරුමක් සිදු කල එකම කාන්තා සංවිධානය අපියි - නාලිකා පද්මසේන

    05/01/2026 Duração: 08min

    ඕස්ට්‍රේලියාවේ කැන්බරා අගනුවර ප්‍රාන්ත රජය පසුගිය දා සංවිධාන කර තිබුණු Windows to the World ප්‍රදර්ශනය සඳහා ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයත් එක්ව තිබුණා. මේ එම ප්‍රදර්ශනයට සහභාගි වූ ශ්‍රී ලාංකික-ඕස්ට්‍රේලියානු කාන්තා ජාලයේ (Sri Lankan Australian Women’s Network) සභාපතිනි නාලිකා පද්මසේන මහත්මිය SBS සිංහල සේවයට දැක්වූ අදහස්.

  • මව්බිමෙන් පුවත්: අලුත් විෂය මාලාව ක්‍රියාත්මක කරනවා - අගමැති / ප්‍රතිසංස්කරණ වලට අධ්‍යාපනඥයින් වෙනුවට දේශපාලන කමිටු වල අය දාගෙන - ලංකා ගුරු සංගමය

    05/01/2026 Duração: 09min

    ගෙවුණු සතිඅන්තයේ ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ උණුසුම් හා වැදගත් පුවත් සම්පිණ්ඩනය. SBS සිංහල සේවය වෙනුවෙන් මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ගෙන එන ‘මව්බිමෙන් පුවත්’ විශේෂාංගය.

  • SBS සිංහල පුවත්: ඕස්ට්‍රේලියාව පුරා දැඩි තාප තරංග අනතුරු ඇඟවීම්

    05/01/2026 Duração: 05min

    ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, ජනවාරි මස 5 වන දා SBS සිංහල පුවත් වලට සවන් දෙන්න.

  • කාලීන විග්‍රහය: නව රොබෝ තාක්ෂණික දැනුමෙන් අතුරුදහන් වූ MH370 ගුවන් යානය සෙවීමේ මෙහෙයුම් යළි ඇරඹේ

    04/01/2026 Duração: 15min

    MH370 ගුවන් යානය අතුරුදහන් වී දශකයකට වැඩි කාලයකට පසු, එම ගුවන් යානය සෙවීමේ මෙහෙයුමක් නැවත ආරම්භ වී තිබෙනවා. මේ පිළිබඳ තොරතුරු අද දවසේ කාලීන තොරතුරු විග්‍රහයෙන් අප ඔබ වෙත ගෙන එනවා.

  • මේ සතියේ ඕස්ට්‍රේලියාව: SBS සිංහල ගෙන එන සතියේ ඔස්ට්‍රේලියානු පුවත් සම්පිණ්ඩනය, දෙසැ 29 - ජන 02

    02/01/2026 Duração: 06min

    දෙසැම්බර් 29 වන දා සිට ජනවාරි 02 වන දා දක්වා වන මේ සතියේ ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වන පුවත් ඇතුළත් SBS සිංහල සේවයේ සතියේ පුවත් ප්‍රකාශයට සවන් දෙන්න

  • තරුෂි එක්ක තරු කතා: 2026 ඕස්ට්‍රේලියාවේ මුල්ම සිංහල ගීත ප්‍රසංගය සමඟ එන ජගත්

    02/01/2026 Duração: 08min

    ශ්‍රී ලාංකේය කලා ලෝකයේ රසබර කතාබහක් සමඟ තරුෂි අතුකෝරළ ගෙන එන ‘තරුෂි එක්ක තරු කතා’ අහන්න.

  • ක්‍රීඩා විග්‍රහය: නිත්තවෙල ක්‍රීඩාංගණය ට රග්බි තරග තහනමක්?

    02/01/2026 Duração: 08min

    මේ සතියේ ශ්‍රී ලංකාවේ සහ ඕස්ට්‍රේලියාවේ ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු රැගත් ‘ක්‍රීඩා විග්‍රහය’. මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න SBS සිංහල සේවය වෙනුවෙන් ගෙන එන විශේෂාංගයට සවන් දෙන්න.

  • මව්බිමෙන් පුවත්: රනිල්ගෙන් සජිත්ට නව අවුරුදු සුබ පැතුමක් / ලංවිම වත්කම් අලුත් සමාගම් හයකට පවරයි

    02/01/2026 Duração: 09min

    මේ සතියේ ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ උණුසුම් හා වැදගත් පුවත් සම්පිණ්ඩනය. SBS සිංහල සේවය වෙනුවෙන් මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ගෙන එන ‘මව්බිමෙන් පුවත්’ විශේෂාංගය.

  • SBS සිංහල පුවත්: 2026 දී නිවාස මිල ගණන් සැලකිය යුතු ලෙස පහළ වැටෙන බවට වාර්තාවක්

    01/01/2026 Duração: 04min

    ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, ජනවාරි මස 2 වන දා SBS සිංහල පුවත් වලට සවන් දෙන්න.

  • අලුත් අවුරුද්දේ ඔබේම ව්‍යාපාරයක් අරඹන්න සිහින දකිනවානම් මේ ගැනත් දැනගන්න

    01/01/2026 Duração: 12min

    ව්‍යවසායකත්වය, එහෙම නැතිනම් 'Entrepreneurship' කියන වචනය අපිට මේ දිනවල බොහෝ අවස්ථාවල අහන්න ලැබෙනවා. කුඩාවට හෝ තමන්ගේ ව්‍යාපාරයක් ආරම්භ කරන්න, එහෙම නැතිනම් රැකියාවට අමතරව තවත් ආදායම් මාර්ගයක් ගොඩනගා ගන්න බොහෝ දෙනෙක්ට උනන්දුවක් තියෙනවා කියල අපිට පෙනෙන්නට තිබෙනවා. ඉතිං ව්‍යාපාරයක් ආරම්භ කිරීම ගැන තොරතුරු ඔබ වෙත ගෙන එන්න අද දවසේ SBS සිංහල සේවය කටයුතු කළා. අලුත් අවුරුද්දේ ව්‍යාපාරයක් අරඹන්න ඔබ සිහින දකිනවානම් මේ තොරතුරු ඔබට වැදගත් වේවි.

  • අපේ වහරේ කතා අහුරක්: උපදෙස් දෙන්න ගිහින් අමාරුවෙ වැටුණ උපදේශක

    01/01/2026 Duração: 06min

    සමහර මෝඩකම් කෝවේ දැම්මාත් අරින්න බෑ කියනවා නෙ. ඒ වගේම සමහර නුවණැත්තොත් මෝඩකම් කරනවා. අපේ ජන වහරේ ඔය මෝඩකම් ගැන විවිධ කතා තියෙනවා. සාහිත්‍යවේදී අශෝක පියරත්න අද කියන්න යන්නේ ඒ වගේ උපදේශ දෙන්න ගිහින් අමාරුවෙ වැටුණ උපදේශකයෙක් ගැන කතාවක්.

  • නව වසරක ආරම්භය ජනවාරි පළමු වැනිදා ලෙස යොදා ගන්න තීරණය කළේ කවුද?

    01/01/2026 Duração: 07min

    ජනවාරි පළමු වැනිදා කියන්නේ අපට නව බලාපොරොත්තු අරමුණු සහ ඉලක්ක පිළිබඳ අදිටනක් සිතුවිල්ලක් ඇති වන දිනයක්. නමුත් ජනවාරි පළමු වැනි දා අලුත් අවුරුද්දක උදාව විදිහට යොදා ගන්න හේතු වුණේ ඇයි සහ ඒ සම්ප්‍රදාය පටන් ගැනුණෙ කොහොම ද කියලා දැන ගන්න කැමති නම් මේ විශේෂාංගයට සවන් දෙන්න.

  • ලොව විශාලතම ජනගහන සංක්‍රමණය පාදක කරගත් සිනමා පටයකින් නව අවුරුද්ද අරඹමු: Last Train Home

    31/12/2025 Duração: 12min

    නව වසර උදා වුණා. 31වෙනිදා රාත්‍රියේ සැමරුම්වලින් අනතුරුව නිවාඩු පාඩුවේ නිවසට වී සිටින ඔබට SBS On Demand ඔස්සේ නැරඹිය හැකි චිත්‍රපට ත්‍රිත්වයක් පිළිබඳවයි මේ විශේෂාංගයෙන් අවධානය ලබා දෙන්නේ.

  • හැම අලුත් අවුරුද්දකම මුළු ලෝකයේම වැඩිම පිරිසක් නරඹන Sydney Harbor Bridge fireworks පටන්ගත්තේ මෙහෙමයි

    31/12/2025 Duração: 10min

    සෑම වසරකම දෙසැම්බර් 31 වෙනිදා මධ්‍යම රාත්‍රියේ ලොව පුරා මිලියන සංඛ්‍යාත ජනතාවක් ලොව කොහේ සිටි හෝ මනස්කාන්ත Sydney Harbor Bridge ගිනිකෙළි සංදර්ශනය නරඔනවා. නමුත් මෙහි ආරම්භය සහ ඉතිහාසය ඇතැම් විට බොහෝ දෙනෙක් නොදන්නා දෙයක්. Sydney Harbor Bridge ගිනිකෙළි සංදර්ශනයේ ආරම්භය සහ මේ දක්වා සිදු වූ ප්‍රධාන දේ ගැන තොරතුරු ගැන දැන ගන්න මේ විශේෂාංගයට සවන් දෙන්න.

  • SBS සිංහල Newsflash දෙසැ 31: සිඩ්නි නුවර පැවැත්වෙන ගිණිකෙලි සංදර්ශනය වෙනුවෙන් 2500කට අධික පොලිස් ආරක්ෂාවක්

    31/12/2025 Duração: 05min

    ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, දෙසැම්බර් මස 31 වන දා SBS සිංහල Newsflash වලට සවන් දෙන්න.

  • කාලීන විග්‍රහය: ගෙවී යන 2025 වසරේ ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වූ වැදගත් සිදුවීම් සමාලෝචනය

    30/12/2025 Duração: 08min

    සංක්‍රමණික විරෝධතා, හදිසිසේවා දුරකථන බිඳවැටීම, කාලගුණික අභියෝග, ඉහළ ගිය ජීවන වියදම්, බොන්ඩායි ප්‍රහාරය ආදී හැලහැප්පීම් රැසක් සිදු වූ 2025 වසර ඕස්ට්‍රේලියාවට අභියෝගාත්මක වසරක් වුණා. අද කාලීන විග්‍රහයෙන් අපි විමසා බලන්නේ 2025 වසරේ දී ඕස්ට්‍රේලියාව මුහුණ දුන් කැපී පෙනෙන සිදුවීම් දෙසයි.

  • ගෙවී ගිය 2025 වසර පුරා SBS සිංහල සේවය ඔබට තිලිණ කළ විශේෂ වැඩසටහන් කිහිපයක් ගැන මතක ආවර්ජනා

    30/12/2025 Duração: 14min

    SBS සිංහල සේවය 2025 වසර තුළ ඔබ වෙත ගෙන ආ විවිධ වැඩසටහන්, සාකච්ඡා සහ විශේෂාංග පිළිබඳ ගෙනෙන වසර අවසාන සමාලෝචනය. ඕස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලංකේය අපේ ප්‍රජාවට වැදගත් වන කාලීන, හරවත් මෙන්ම රසවත් තොරතුරු ඔබට සමීප කරන්නට උදා වන 2026 නව වසරේ දීත් SBS සිංහල සේවයේ අපි බලාපොරොත්තු වන්නෙමු.

  • SBS සිංහල Newsflash දෙසැ 30: 'Boxing day' ටෙස්ට් තරඟයෙන් ක්‍රිකට් ආයතනයට ඩොලර් මිලියන ගණනක පාඩුවක්

    30/12/2025 Duração: 05min

    ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, දෙසැම්බර් මස 30 වන දා SBS සිංහල Newsflash වලට සවන් දෙන්න.

  • කාලීන විග්‍රහය: ගෙවී ගිය 2025 වසරේ ලොව පුරා සිදු වූ වැදගත් සිදුවීම් සමාලෝචනය

    29/12/2025 Duração: 09min

    2025 වසර ජාත්‍යන්තර දේශපාලනය, ස්වභාවික විපත් සහ ලෝකයේ පාලන බලය හා ඉන් ඇතිවන බලපෑම සම්බන්ධව අතිශය තීරණාත්මක සහ විශාල වෙනස්කම් සිදු වූ වසරක් ලෙස ඉතිහාසයට එක් වනවා. අද SBS සිංහල සේවයේ කාලීන තොරතුරු විග්‍රහයෙන් අපි 2025 වසරේ සිදුවූ වැදගත්ම සිදුවීම් සමාලෝචනයක් ඔබ වෙත ගෙන එනවා.

  • යුග යුග සිත් සතන් සනසා ජීවන රඟමඩලින් බැස ගිය ලාංකේය ගීත කෝකිලාව - ලතා වල්පොල

    29/12/2025 Duração: 09min

    දශක අටක් රසික සිත් සිය ගීතමත් හඬින් සනසාලන්නට හැකි වූ මියුරු ගී කෝකිලාවිය ලතා වල්පොල ගායනවේදිනිය වෙනුවෙන් SBS සිංහල සේවය ගෙන එන මතක සටහන.

página 1 de 38